අගාධයක මුවවිට

දැනුදු ඉඳහිට ගංගොඩේ ගහක් ගලක් ගානේ රෑ රහසේ අලවන කැලෑ පත්තර තවත් අලුත් දවසක ළයක් ගිනිලයි. කැලෑ පත්තරය ඉරාලන්නේ ද කියවා රසවිඳින්නේ ද දකිමින් නිහඬව සියුම් වින්දනයක් ලබන්නේ ද එකී නින්දා සහගත ප්‍රයත්නයෙහි නිරත වූවන් විනා අන් කවරෙක්ද? අසෝබන අත්අකුරින් ගමක් කලඹාලන්නා වටහාගන්නට මා දැරූ වෙහෙසේ පලය පමණක්ම නොවේ අගාධ.

තාක්ෂණයේ දියුණුව සමග එකී පැරණි අවමන්සහගත ප්‍රලාපයන්ම නව මුහුණුවරින් සිත්සතන් දවාලමින් සියක් දහසක් නෙතට නිරාවරණය නොවන්නේද? මුහුණුපොත සන්නිවේදන මෙවලමක් හා අනේක කුදුමහත් කටයුතු උදෙසා භාවිතවන අයුරු දකින්නට තිබේ.

කුලභේදයේ නිර්දයබව කියාපාමින් වෙන්වන විලියම් හා සාමාවතී පමණක් නොව ඔවුන්ගේ ජීවිත හා බැඳුණු බොහෝ දෙනෙකුන්ගේ ඉරණම තීන්දුකරන්නේ සැඟව කැලෑපත්තර ලියන බමුණුසිංහ විසිනි. එහෙත් ඔහුට ද සමාජ සම්මතයට ද සාමාවතීගේ ප්‍රේමය පැහැරගත නොහැක. ඇය සිය සොහොයුරාගේදැයි නිසැකව නොදන්නා බිලිඳියක හදාවඩා ගනිමින් සුපුෂ්පිත නොවූ ප්‍රේමයක වියෝගය ද දරාගනිමින් අපේ ගැහැනියට අපූර්ව ධෛර්යයක් හා ශක්තියක් ද පුදදෙයි.

සිතක විකසිත ප්‍රේමය පහසුවෙන් නොසිඳෙනබව කියාපාන්නට මට උවමනා විය. මනුෂ්‍ය සන්තානයේ ගුඪ, අඳුරු අහුමුළු පිරික්සා බලන්නට තැත් කළෙමි.

අගාධයකට අප තල්ලුකර දමන්නේ අපේ ඉරණම හෝ දෛවය නොව අපම තනාගත් මතිමතාන්තර බව මම අදහමි.

නිදහස් හා නිවහල් බව තුළම ආදරය ද කරුණාව ද මහෝඝයක් සේ ගලා යන බව කියන්නට මා දැරූ සොඳුරු වෙහෙසයි අගාධ.

ශාන්ති දිසානායක

2 thoughts on “අගාධයක මුවවිට

  1. Hi
    how can i read the full book?
    I’m away from the country and used to read each one of her books. But now i missed reading anything.
    Seems to be an interesting novel.
    Good luck
    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *