ගීයක සැඟවුණු ඇත්ත

70 දශකයෙන් පසුව අපේ රටේ ගීත සාහිත්‍යයට අර්ථපූර්ණ ගීත රාශියක් රචනා කළ ගීත රචකයින් රැසක් එකතු වුණා. මේ ගීත බොහොමයක් ඔවුන් අතින් ලියැවුණේ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන. නමුත් ඒවා ගැන කවුරුත් වැඩිපුර දැනගෙන හිටියේ නැහැ.

මම මේ ගැන සෙව්වා. ඉරිදා ලක්බිමට ඒ ගැනත් ලිව්වා. එහෙම ලිව්වේ අදාළ ගීත රචකයා සමග කතා බහ කරලා.

මේ අතර තිබෙන සමහර ගීතවලට පාදක වෙච්ච කතා ඔවුන්ගේම අත්දැකීම්. ඒවා හරිම අපූරුයි.

මේ හැම ගීතයක්ම වගේ ඔබ අසා ඇති. ඇලුම් කරනවත් ඇති. ඉතින් ඒ ගීතයේ ඇත්ත කතාවත් කියවන ගමන් මේ ගීත අහද්දි කොයි වගේ අත්දැකීමක් ඔබට ලබන්න පුළුවන් වේවිද?

මෙහි ඇති ඇතැම් ගීතවලට මුසුවෙච්ච කතා හරිම දුකයි. විශේෂයෙන්ම විරහ ගීතවලට සම්බන්ධ සත්‍ය කතා. මම හිතනව ගීතවලට සම්බන්ධ මේ කතා එකතුව ඔබට වෙනම අත්දැකීමක් ලබා දේවි කියා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *