ඇදහිය නොහැකි සත්‍ය කතා

මේ කෘතියට ඇතුළත් වී ඇති සියලු කතා ඇසූ හෝ ගෙතූ ඒවා නොවෙයි. මාධ්‍යවේදියෙකු ලෙස රටවටා ඇවිදිමින් එකතු කරගත් හා ඉරිදා ලක්බිම පුවත්පතට ලියූ ඇත්තම කතා ය.
මේ කතා මම ලක්බිමට ලිව්වේ එම කතන්දරයට අදාළ පුද්ගලයාගේ කැමැත්ත ඇතිව ඡායාරූප පවා පළකරමින්. එහෙත් ඔහුගේ හෝ ඇයගේ චරිතයට හෝ පැවැත්මට හානි සිදුවේයැයි මටම සිතුණු අවස්ථාවලදී පමණක් මම ඔවුන්ගේ ඡායාරූප පළකිරීමෙන් වැළකී සිටියා.

“මේ කතාව නම් අදහාගන්නටත් බැහැ” යනුවෙන් අපි බොහෝ අවස්ථාවල පවසන්නේ ඒ කතාව ඒ තරමටම සිතා ගන්නටත් බැරි ආකාරයට සිදු වී තිබීම නිසාමයි. මේ කතන්දර තුළ ඇත්තේත් ඒ අදහාගන්න බැරි තරමේ සිදුවීම් මාලාවකුයි.

අපේ රටේ බොහෝ ඈත ප්‍රදේශවල මෙන්ම නගරාශ්‍රිතව පවා සිදු වූ මේ කතන්දර ඉතා අනුවේදනීයයි. වේදනාකාරීයි. එමෙන්ම පුදුමාකාරයි.

උදාහරණයක් ලෙස කිව්වොත්, වයස අවුරුදු 15 ක ගැහැනු දරුවෙක් පිරිමියෙකු ලෙස පෙනී සිටි අවුරුදු විසි හතරක කෙල්ලක් සමග නීත්‍යනුකූල විදියට දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව විවාහ වෙනවා. ඇය කෙල්ලක් බව කවුරුත් දැනගන්නේ නැහැ. අවුරුදු 15 ගැහැනු දරුවා පවා වසරක් දෙකක් පමණ පවුල් ජීවිතය ගත කරන්නේ ඒ බව නොදැන. නමුත් අවසානයේ අහුවෙනවා. ඒකත් වෙන්නේ මහ පුදුමාකාර විදියට.

මෙන්න මේ වගේ සත්‍ය කතා මේ ඇදහිය නොහැකි කතා කෘතියට ඇතුළත් වෙනවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *