බේරේ ගෙදර සිට

සෑම  කෙනෙක්ම තම ජීවිත කතාව ලිවීමට උත්සහ ගන්නා මෙවැනි යුගයක මට අවශ්‍ය වූයේ පුවත්පත් කලාවේදිනියක් මුහුණ දෙන ප්‍රශ්න පාඨකයාට ඉදිරිපත් කිරීම පමණි . ඒ 1964 වසරේ සිටය .එදා මට 60 වැනි විය පිරෙන අවස්ථාවේ දී එනම් 2001 වර්ෂයේදී ය .

ඉන්පසු බොහෝ  දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම එහි ඉතිරි  කොටසත් අද මට 80 පිරුණු අවස්ථාවේ මෙසේ ලියා ඉදිරිපත් කරමි.  එදා මා මෙම පොත ලියන අවස්ථාවේ සිටියේ පුවත්පත් කලාවේදීන් අතලොස්සකි . එහෙත් අද ක්ෂේත්‍රයට පිවිසි අය රාශියකි. මේ සාහිත්‍යය මාසයේදී ගුණසේන සහ සමාගමෙන්  එළි දකින “බේරේ ගෙදර සිට”  නව සංස්කරණය එදා දේශපාලනයත් පුවත්පත්  කලාවත් ගැන දැනුම සොයන අයට උපකාරයක් වේ යැයි සිතමි. 

අදට වඩා එදා පුවත්පත් කලාකලාවේදීන් සටන් කළේ දේශපාලන වටපිටාවක් තුළ බව ද පැවසිය යුතුය.

-අනුල ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *