සිතක් හදන පොත් පෙළක්

නික් ගේ කතාව අපේ හදවත් පමණක් නොව සිතුවිලි ද අලුත් මානයකට ‘ක්ලික්’ කරවයි.

මේ ‘ක්ලික්’ එක කාගෙ කාගෙත් ජීවිතයන්ට කික් එකකි.

හැබැයි නික්ට ක්ලික් කරන්නට දෑතක් හෝ කික් කරන්නට දෙපයක් නැත.

ඔහු ඉපැදෙන්නේ දෑත් දෙපා නැත්තෙකු ලෙසිනි.

එහෙත් ඔහු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිතයන් ක්ලික් කරවයි. ඒ ජීවිතයන්ට කික් එකක් ලබා දෙයි.

එහෙම කරන්නට හැකි වී ඇත්තේ පසු නොබසින උත්සාහය, දැඩි කැපවීම සහ නිර්මාණාත්මක වෙහෙසීම නිසා ය.

1982 වසරේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්දමන්ද කරවමිනි.

බොහෝ අවස්ථාවන්හි අරියාදු, සමච්චල් හා මදිපුංචිකම්වලට ලක් වූව ද, නික් ඒ සියල්ලට මුහුණ දුන්නේ ය.

මානව දයාව, පරෝපකාරය, ආත්ම විශ්වාසය, ආදරය හා භක්තිය තම ජීවිතයට එක් කරගත්තේ ය.

නික් ගේ කතාව සියලු බාධක මැද ජීවිතය ජයගත් අපූරු මිනිසකු ගේ කතාවකි.

සුබවාදී ආකල්ප සහ ජීවිතය ජය ගැනීම පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කරන්නෙකුගේ කතාවකි.

අප සැම ගේ ජීවිතය පෝෂණය කරන්නට අවශ්‍ය සිතුවිලි අප සිත් තුළ තවාන් කරන කතාවකි.

අපේ ජීවිතවලට නැතුවම බැරි කතාවකි.

සීමා නැති ජීවිතේ, නැවතුම් නැති ජීවිතේ සහ සීමා නැති ආදරේ තුන් ඈඳුතු පොත් පෙළ.

සමන් අතාවුදහෙට්ටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *