

මේ නවකතාව මම ලිව්වේ මහරගම ළමා නිවාසයක හැදීවැඩී ලොකුමහත් වෙච්ච තරුණයෙක් වටා ගෙතුණු කතාවක් ඇසුරෙන්. මේ තරුණයා ළමා නිවාසයේදී ලද අත්දැකීම් හා එයින් එළියට ආ පසු මුහුණදුන් අනුවේදනීය අත්දැකීම් මල්හීන නවකතාවට පදනම් වුණා.
අහිමි වූ මව්පිය ආදරයත් එමෙන්ම යොවුන් ආදරයත් ඉදිරියේ ඔහු මුහුණදෙන අතිශය සංවේදී සිදුවීම් පෙළක් වටා මේ කතාව දිග හැරෙනව.
මම මේ කතාව හොයන්න මේ තරුණයාගෙන් ලබාගත්ත තොරතුරු ඇසුරුකරගෙන බදුල්ලට ගියා. සිල්මාතාවන් වැඩඉන්නා අසපුවකටත් ගියා. ඊළඟට අංගොඩ රෝහලට. මේ හැම තැනකින්ම ඒ ඒ චරිතවලට අදාළ සිදුවීම් සොයා ගත්තා. මේ කතාවත් ලක්බිම රිද්ම අතිරේකයට මම ලිව්වා.

සමන් ප්රියංකර නම්මුනිගේ